Covid 19

30වැනි කොවිඩ් මරණය

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පෙරේදා (05) දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව ඩෙල්ටා රෝගීන්ගේ වෛරස ප්‍රමාණය, 300 ගුණයකින් වැඩි

colombotoday

වාර්තා අලුත් කරමින් ඊයේ කොරෝනා මරණ සංඛ්‍යාව 160 යි

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday