Colombo Today Local News

මහ ජනගග ඉදිරියේ මහින්දගෙන් ප්‍රතිඥාවක් !

ජනතාව රවටමින් ගෙන එ්මට සූදානම් වන ප්‍රෝඩාකාරී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුගේගොඩදී ඊයේ (27) පැවති පෙරලියක ඇරඹුම ජන රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුව හොරකමින් ලබාගත් මුදල් වලින් ඉපැයූ සියලු දේපළ තම ආණ්ඩුවක් යටතේ යළි ජනතාව අතට පත්කරන බව හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

අපේ රජය පිහිටුවපු දාට, ඒ සියලු හොරකම්වලින් ගත්තු සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි ජනතාව සන්තක කරනවා, ජනතාව අතට පත්කරනවා”

තම ආණ්ඩුව රට ණය කළ බවට වත්මන් ආණ්ඩුව නගන චෝදනා බැහැර කළ හිටපු ජනාධිපතිවරයා එළෙස ණය වී ඇත්නම් රට භාරගත්තේ මන්දැයි හිටපු ජනාධිපිවරයා ප්‍රශ්න කළේය.

“අපි ගත්තේ දීර්ඝ කාලීන ණය, දැන් කියනවා මේ රටේ ආර්ථිකය ගැන දැනගෙන තමයි මැතිවරණයක් තියලා ඉබේ පැරදුනේ, මගේ ඕනකමටලු මම පැරදුණේ, ඉතිං එයාලා දන්නවනම් මම ණය වෙලා තියෙනවා කියලා ඇයි මොන මඟුලකටද ගත්තේ” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ. විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි.”

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/766414026849681/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

colombotoday

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

මහේන්ද්‍රන් සිංගප්පූරු ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණයේ… හැකිනම් නෑ කියන්නැයි අගමැතිට අභියෝගයක්…

colombotoday

අයවැය ඡන්ද විමසීම අද.. ඒකාබද්ධයේ 9ක් ඡන්දය දීමෙන් වැළකෙන්න යයි !

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin