Colombo Today Local News

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ මාතලේ, අලුවිහාරේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අද(27)දින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.

මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී රේනුක පෙරේරා මහතා සඳහන් කළේ, එම සිමෙන්ති අලෙවි කළ ව්‍යාපාරිකයාට නඩු පැවරීමට පියවර ගන්නා බවය.

රුපියල් 1098 ක මිලකට අලෙවි කළ යුතු සිමෙන්ති කොට්ටයක් සැකකාර ව්‍යාපාරිකයා රුපියල් 1600 කට අලෙවි කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

සැකකරු සතුව තිබූ සිමෙන්ති කොට්ට 35 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.

Related posts

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

“නව ව්‍යවස්ථාවට මාත් එකඟ නෑ.. ඒ සදහා ජනපතිට ජනවරමක් ලැබිලත් නෑ“ – රතන හිමි

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday