Colombo Today Local News

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සඳහා ජනවාරි 06දා සිට මාස 3ක කාලයක් දිවා කාලයේදී පමණක් පැය 8ක් වසා දැමීමට නියමිතය.

මෙම කාලය තුළ එයාර් ලංකා සමාගම මගින් ක්‍රියාත්මක කරන ගුවන්ගමන් වාර 500ක් පමණ එම සමාගම විසින් අවලංගු කර ඇති අතර, එම සමාගමේ අනිකුත් ගුවන් ගමන්වාර රාත්‍රී කාලයේදී පමණක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. එයාර් ලංකා සමාගමේ ඊට අදාළ ගුවන් ගමන් කාලසටහන මේ වන විටත් එම සමාගම විසින් ප්‍රසිද්ධ කර ඇත.

මීට අමතරව මත්තල අන්තර් ජාතික ගුවන්තොටුපළ මගින්ද මෙම කාලය තුළ ඇතැම් ගුවන් ගමන්වාර ක්‍රියාත්මකවනු ඇත. එයාර් ලංකා සමාගම මත්තල සිට ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති අතර එම සමාගමේ ගුවන්යානා නතරකර තැබිමට මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපළ බොහෝවිට යොදා ගැනෙනු ඇත.

සාමාන්‍යයෙන් දිනකට කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ මගින් ගුවන් ගමන්වාර 75ක් පමණ ක්‍රියාත්මක කෙරෙන අතර සංවර්ධන කටයුතු සඳහා මෙම ගුවන් තොටුපළ පැය 8ක කාලයක් වසා තැබිමෙන් කටුනායක ගුවන්තොටුපළට මූල්‍යමය පාඩුවකටද මුහුණදීමට සිදුවනු ඇත. එයාර්ලංකා ගුවන් සමාගමටද මේ නිසා මූල්‍යමය පාඩුවක් සිදුවන බව එම සමාගමේ ආරංචි මාර්ග පැවැසීය.

Related posts

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday