Colombo Today Local News

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

රාජපක්‍ෂවරු සී ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් ආරම්භ කළේ මහපරිමාණ මුදල් ගසා කෑම්වලට හා තම කළු සල්ලි සුදුකර පිටරට යැවීම සඳහාත් බව පසුගිය කාලයේ ඉතා විශාල ලෙස සමාජගත කරන ලද මතයකි. මේ ඉතා මෑතක දීත් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු පවසා තිබුණේ අදාළ බැංකුව සතුව ගණුදෙනුකරුවන් දෙදෙනෙකු පමණක් සිටින බව ය. කෙසේ වෙතත්, දැන් එම බැංකුවේ ක්‍රියාකාරිත්වය ගැන නියම තත්වය පැහැදිළි කරගැනීමේ අවස්ථාව අපට තිබේ. වත්මන් ලංකා බැංකු සභාපති රොනල්ඩ් පෙරේරාට අනුව, ලංකා බැංකුවේ සී ෂෙල්ස් ශාඛ‍ාව දැන් ලාභ ලබන ආයතනයකි. 2015 වසරේ දී පමණක් එම ශාඛාව රුපියල් මිලියන 32ක ලාභ ලබා ඇත. එකී බැංකු ශාඛාව සතුව මේ වන විට ගණුදෙනුකරුවන් 691කි. ඒ අතර එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් ද සී ෂෙල්ස් පුරවැසියන් ද වේ. බැංකු සභාපතිවරයා සහතික කළේ ආදළ බැංකුව තුළ ලංකාවේ පදිංචි කිසිවෙකුගේ ගිනුම් ද නැති බව ය.

තව ද අදාළ බැංකු ශාඛාව විසින් කිසිදු නීති විරෝධී හෝ සදාචාර විරෝධී මුදල් ගණුදෙනු සිදු කොට නැති බව ද සභාපතිවරයා අවධාරණය කරන්නේ ය. තමන් මෙසේ කියන්නේ මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමෙන් පසුව බව ද ඔහු පවසා ඇත. මේ අතර, බැංකු ශාඛාව වසා දැමීමට කිසිදු හේතුවක් නැති බවත් 2016 වසරේ තම ඉලක්කය ශාඛා ලාභය මිලියන 46 දක්වා වැඩි කිරීම බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ඉලක්කයට යාමට තිබෙන විශාලතම බාධකය වන්නේ ලංකාවේ මේ බැංකු ශාඛාව සමබන්ධයෙන් කෙරෙන අහිතකර ප්‍රසිද්ධීය බව ද රොනල්ඩ් පෙරේරා පවසා සිටින්නේ ය.

මේ මහා මිථ්‍යාව හෙළිවීම අතිශය වැදගත් කරුණකි. මන් ද එය ජනවාරි 8න් පසු ලංකාවේ ආර්ථික පරිහානියේ රූපකයක් ලෙස ද පෙනී සිටින බැවිනි. රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් පදනමක තිබිය දී එය ඉතා අයහපත් බවටත් රාජපක්‍ෂවරුන් රට සොරා කා ඇති බවටත් රනිල්-මෛත්‍රීවාදීන් විසින් මතයක් සමාජගත කිරීමේ වක්‍ර ප්‍රතිඵලය වූයේ එවැනි ‘දූෂීත’ රටක ආයෝජනය කිරීමෙන් පලක් නැති බව සිතා ආයෝජකයින් බුරුතුපිටින් රටින් මුදල් ඉවත්කර ගැනීම ය. අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මුල ඒ ය.

මහින්ද පතිරණ

Related posts

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

රනිල්ගේ සබඳතා අද මායාවක් වෙලා : රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සහයක් නෑ… ආර්ථිකය කාබාසිනියා කරනවා… – විමල්

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Admin