Colombo Today Local News

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

sandhya-eknaligoda

LTTE ඔත්තුකරුවෙක ලෙස කටයුතු කළැයි හෙළිවී ඇති මාධ්‍ය වේදියෙකු ලෙස හැදින්වූ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිද වන සන්ධ්‍ය එක්නැලිගොඩ අද (19) පෙරවරු 10.05ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ස්විස්ට්ර්ලන්තයේ ජිනීවා බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

මෙම තැනැත්තිය මීට ඉහතදී එක් වරක් ජිනීවා ගොස් ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට සාවද්‍ය චෝදනා නැගූ අතර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණු කිරීම සදහා දෙමළ ඩයස්පොරාව ඇතුළු ජාත්‍යන්තර සන්විධාන එම ප්‍රකාශද සාක්ෂි වශයෙන් යොදා ගනිමින් සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය මේ වන විට ජිනිවාහීදි පැවැත්වෙන අතර LTTE ඩයස්පොරා නියෝජිතයන් ඇතුළු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ජිනීවා වෙත පැමිණ ඇති බව වාර්තා වේ.  ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ විමර්ශණය කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත අධිකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ යුතු බවට පසුගිය සතියේ නැවත වරක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යෝජනා කෙරිණි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ජිනීවා ගෙන ගිය එක්නැලිගොඩ බිරිය යුද හමුදා රසායනික අවි භාවික කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශය

Related posts

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

පස් පොඩ්ඩාට ගම්පහ අධිකරණය අසල වෙඩි තබයි – 4කට තුවාල

colombotoday

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday