Colombo Today Local News

මෛත්‍රීගේ මෛත්‍රිය 01දායින් නිමයි.. සමාවක් නොලැබෙයි, මඩුවල්ගෙන් තලන්න පොලිස්පතිට නියෝග !

මිනීමැරීම්, හා දූෂණ අක්‍රමිකතා චෝදනා ඇති සියලු දේශපාලනඥයින් හා නිලධාරීන්ට එරෙහිව මැයි 01 දායින් පසු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව පොලිස්පතිවරයාට නියෝගකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ නියෝගය පිළිබදව ඉගියක් ලබා දෙමින් නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (22) සිය පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙමින්, මිනීමැරීම් සහ දූෂණ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කර තිබිණි. ඒ අනුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය (FCID) අහෝසි කිරීම නොව, එය තවදුරටත් ශක්තිමත් කර එහි කටයුතු වඩාත් හොඳින් ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔහු අවධාරණය කළේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා එහිදී සදහන් කළේ රගර් ක්‍රීඩක තජුඩීන් ඝාතනයේ සැකකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු රජයේ සාක්ෂිකරුවන් වෙමින් තජුඩීන් ඝාතනය ගැන සාක්ෂි ලබා දීමට සූදානම්ව සිටින බවයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ තජුඩීන් සිදුවීමට රාජපක්ෂ පවුලේ සමීපතමයන්ගේ නම ගෑවී ඇති බැවින්, හිටපු ජනාධිපතිවරයාගේ සහ මහින්ද හිතවාදී පාර්ශවයේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සදහා තජුඩීන් සිද්ධිය ප්‍රබල තුරුම්පුවක් කරගනු ඇති බවයි.

Related posts

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday

සංවර්ධන නිලධාරිනියක් ගෙල කපා පිහියකින් පපුවට ඇන මරා දාලා

Admin