ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කරනු ලැබීය.
අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව දෙනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමටයි නියෝග කර ඇත්තේ. නීතිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති බවයි.