Colombo Today Local News

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

astdjජාතිවාදය ඇවිස්සීම හරහා රටේ ප්‍රශ්න ඇතිකිරීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තුළ විවිධ පුද්ගලයන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් පිළිබඳව කටයුතු කිරීමට විශේෂ පොලිස් ඒකකයක් ඇතිකළ යුතු බව අසාද් සාලි පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘බලය බෙදා එක්සත්වීමේ ව්‍යාපාරය’ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

සිංගප්පූරු රජය, ආගම් භේද ඇතිකළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරයෙන්ම මෙරට රජයද කටයුතු කළයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව කුමන ජාතියකට හෝ කුමන ආගමකට හෝ එරෙහිව අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජාති භේද ආගම් භේද ඇතිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව සාලි සඳහන් කරයි.

Related posts

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

වසර දෙකකදී යටිතල පහසුකම් දියුණු කළා.. රටම දියුණු කරමින් සිටිනවා – ගුවන් පාලම විවෘත කරමින් අගමැති කියයි

colombotoday

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අන්තර්ජාලයට

colombotoday