ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව බත්තරමුල්ල නෙළුම් මාවතේ එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙනවා.
මාධ්‍ය හමුව අමතමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අලුත් වෙනසක් උදෙසා සියල්ල සූදානම් බවයි.
මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.
මාධ්‍ය හමුව අමතමින් ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ නව පක්ෂයෙ පළමු මාධ්‍ය හමුව අද පැවැත්වීමට තීරණය කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය හෙටට යෙදී ඇති නිසා බවයි.
හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයේ නායකත්වය ඉදිරියේදී බාරගනු ඇති බවත් නව පක්ෂය පිහිටවා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය පදනම් කරගෙන බවත් ජී.එල්. පීරිස් මහතා පැවසීය.