Colombo Today Local News

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද දිනයේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය.

මේ අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

Related posts

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday