Colombo Today Local News

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරන්නේ, කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අජිත් වීරසුන්දර මහතා පවසයි.

“මෙයට හේතුවෙලා තියෙන්නේ, අප දිවයින හරහා ගමන් කරන වායු ධාරා විශේෂයෙන්ම වෙනත් රටවල භාහිර කලාපවලින්, බෙංගාල බොක්ක වගේ ප්‍රදේශවලින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන්. එම සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක හේතුවෙන් දිවයිනේ වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපාලා තියෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඉතාම සුළු වශයෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් අවම වශයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වන යම් ආකාරයක පෙනහළු ආශ්‍රිත ආබාධ පවතින ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම්කිසි ආකාරයකට පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම මුව ආවරණ පලඳිනවා නම් සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකියි. මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහවී තව දින කිහිපයකින් යථාතත්ත්වයට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයකින් ඉන්න කියලා.”

Related posts

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

Admin

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday