Covid 19

මනාල යුවල දෙකකට කොවිඩ් – එක් යුවලකගේ විවාහට උත්සව 3ක්

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

ඒ අනුව මංගලෝත්සව දෙකෙහි උත්සව අවස්ථා හතරකට සහභාගීවූ 400 ක් ආසන්න පිරිසක් අද(24)දින ස්වයං නිරෝධායනයට ලක් කළ බව ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.

කඩුවෙල රණාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයේ මනාල යුවළට මෙසේ කෙරෝනා ආසාදනය වී ඇති බවත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ උත්සවයේ යුවළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් පැවසේ.

වටරැක ප්‍රදේශයේ පදිංචි තරුණියක් හම්බන්තොට ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැවති උත්සවය කඩුවෙල රනාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගියදා පැවති අතර දෙවෙනි දවසේ උත්සවය පාදුක්ක කිතුල් කන්ද ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබී ඇති බව පැවසේ.

මෙම අවස්ථා දෙකටම 300 ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර එම අවස්ථා දෙකටම සහභාගී වීමට නොහැකි වූ තවත් 26 දෙනෙකුට සංග්‍රහ කිරීමේ අවස්ථාවක් වටරැක ප්‍රදේශයේ මනාලියගේ නිවසේ පවත්වා ඇති අතර පසුව මධුසමය සඳහා යුවළ නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇතැයි පැවසේ.

එහිදී දෙදෙනාට ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී යුවලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ 23 තහවුරු වී තිබූ බව පැවසේ.

ඒ අනුව යුවල ප්‍රතිකාර සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කරකොට සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කළ බව කියයි.

ඒ අනුව ආසාදිත යුවළ පැවැත්වූ උත්සව තුන සඳහා සහභාගි වූ 325 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් අතර ඔවුන් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

මේ පිරිස කඩුවෙල හෝමාගම පාදුක්ක කහතුඩුව පිළියන්දල සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල පදිංචි කරුවන් බව පැවසේ.

Related posts

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

colombotoday