ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) විස්තීරණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මෙරට රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ මට්ටමක නොමැති බවත් එයට කරුණු කීපයක් බලපා ඇති බවත් සේමසිංහ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කරන සති දෙකක සමාලෝචනය පසුව රාජ්‍ය ආදායම පිළිබඳව අවදානය යොමු කරන බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් කීය.