Colombo Today Local News

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු හට යළිත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට ඊයේ (2)දින රැස් වූ එම මණ්ඩලය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඔවුන් දෙදෙනාගේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය මෙතෙක් කල් තහනම් කර තිබූ බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත් විධායක සභාව තීන්දු ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදුකිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමටත්, මාර්ගගත ක්‍රමවේදයට අනුව පක්ෂය සංවිධානය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ බව මහ ලේකම්වරයා කීය.

එසේ ම එක්සත් ජාතික පක්ෂයේ 77 වන පක්ෂ සම්මේලනය පැවැත්වීම පිළිබඳව ත් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව, සැප්තැම්බර් 10 වන දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ සම්මේලනය පැවැත්වීමට තීරණය කළ බව ත් අරගලයේදී ජනතාව පැවැසූ ආකාරයේ ක්‍රමයේ වෙනසක් කිරීමට අදාළ පක්ෂ ව්‍යවස්ථාව වෙනසකට ලක්කිරීමට නියමිත බව ත් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ ය.

Related posts

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday