ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියයි.
ඔහුට උණ රෝගය වැළදීම හේතුවෙන් කළ පරීක්ෂණයේදී ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් දින තුනකදී වෛරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බව ද එම නිලධාරියා සඳහන් කරයි.
ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක් ද ‘කොවිඩ්’ පරීක්ෂාවට ලක්කළ ද ඔහුට ‘කොවිඩ්’ වැළදී නොමැති යැයි තහවුරු වී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.