Colombo Today Local News

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

බඹර ප්‍රහාරයකින් බේරීමට තවත් තිදෙනෙකු සමග මෙම සිසුවා ද දිව යන අතරවාරයේ ගලකින් පහළට ඇද වැටී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි සිසුවෙකි.

නුවරඑළිය පොලීසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බඹර ප්‍රහාරයට ලක් වී ඇදවැටි සිටි සිසුවා කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු එහිදී මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday