Colombo Today Local News

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022) උත්තර පත්‍ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18)දින ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පවසයි.

රටපුරා මධ්‍යස්ථාන 100 කදී ඇගයීම් කටයුතු ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ගුරුවරු 27,500 ක් පමණ සහභාගි වන බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා කියයි.

උත්තර පත්‍රවලින් ලක්‍ෂ 26කට ආසන්න සංඛ්‍යාවක් හෙවත් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් පළමු අදියරේදී ඇගයීමට ලක්වන බව කී ඒ මහතා නගර 56 ක ඇගයීම් මණ්ඩල 1,721 ක අධීක්‍ෂණයෙන් ඇගයීම් කටයුතු ක්‍රියාත්මක වන බව ද සඳහන් කරයි.

Related posts

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday