Colombo Today Local NewsUncategorized

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනයෙන් ඇති වූ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳව එක්සත් ජනපදයට ස්තූති කළ විදේශ ඇමැතිවරයා, තවදුරටත් සහයෝගීතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරීන්ට පුහුණුව ලබාදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, එක්සත් ජනපද නියෝජිතායතනය සහ ලංකා වාණිජ මණ්ඩලය අතර මෑතක දී සිදු වූ ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ලිපිය විදේශ ඇමැති ජී.එල් පීරිස් මහතා සාදරයෙන් පිළිගත්තේය.

ඒ මහතා ඇමරිකාවේ පෞද්ගලික අංශය මඟින් ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන ද සාදරයෙන් පිළිගන්නා ලදී.

එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය කැඳවීම, වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම පිළිබඳ කොමිෂන් සභාව සහ එක්සත් ජනපද – ශ්‍රී ලංකා ආංශික සංවාද කැඳවීම ඇතුළුව අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට පැමිණ සිටියහ.

Related posts

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday