පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 32ක් ජුලි මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට අද(7)දින අධිකරණය නියෝග කර තිබේ.
එම සැකකරුවන් ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.