Colombo Today Local News

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් විල්ගමුව හසලකප්‍රධාන මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ පැවැති දන්සලක් අවසානයේ එම ස්ථානයේ මත්පැන් සාදයක්පැවැත්වීම සම්බන්ධයෙන් හටගත් බව කියන ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පොරවකින් කෙටිම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

දන්සල අවසානයේ ඊට මූලිකත්වය ගෙන කටයුතු කළ බව කියන පිරිසක් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.

ඊට පුද්ගලයකු විරෝධය පළ කළ අවස්ථාවේ ඔහුට එතැන සිටි දෙදෙනකු විසින් පහරදීමක් සිදුකර ඇත.

පහරදීම සිදුකර ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන දෙදෙනෙක් යැයි කියති.

පහර කෑ පුද්ගලයා මේ බව ඔහුගේ පුතකුට දැනුම් දී ඇති අතර පහර කෑ පුද්ගලයා ගේ පුතා ඔහුගේ මිතුරකු ද කැටිව ගොස් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදය පවත්වමින් සිටි බව කියන පිරිස සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

ජවිපෙට රිදෙන්න ගහන්න.. අගමැති එජාප මන්ත්‍රීන්ට දැනුම් දෙයි.. රතු අලි පැටව් සිරිකොතෙන් දොට්ට !

colombotoday

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday