මල්වතු පාර්ශවය දෙකඩ කරන බවට රාජපක්ෂ රෙජිමය විසින් තර්ජනය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තරුණ භික්ෂු එකමුතුව සමග ඊයේ (12) පැවැත්වූ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව දලදා මාලිගාවට බෝම්බ ගහන බව කියා තර්ජනය කල බවද අගමැතිවරයා එහිදී සදහන් කලේය. මල්වතු විහාරයට රාජපක්ෂලා තර්ජනය කරද්දී ඊට එරෙහිව තමන් සමග පෙනී සිටියේ ද්‍රවිඩ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා යැයි අගමැතිවරයා කියා සිටියේය.