Colombo Today Local News

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ.

අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව ඇත.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

මේ පිළිබඳ විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදුකරනු ලැබු අතර ඒ සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ද සහාය හිමිව ඇත.

විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාරදීමට නියමිතය.

Related posts

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

Admin

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday