Colombo Today Local News

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර, විශේෂයෙන් කළුබෝවිටියාන ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා නෙළුව ප්‍රදේශවල ජනතාවටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, මතුගම, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ජනතාවටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Related posts

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

කවුද යකෝ අනුරට බොරු කියපු එකා???

colombotoday