අමෙරිකාවේ වොෂිංටන් හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
ප්‍රසංගය පැවැති උද්‍යානයට ඇතුළු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වෙඩිතැබීම සිදුකළ සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.