Colombo Today Local News

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් යාපනය, කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී අද(14) දහවල් පෙරළීයාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය පවසයි.

පාසල් නිමවී නැවත නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් රැගත් ත්‍රීරෝද රථය වංගු සහිත ස්ථානයකදී පෙරලීගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

යාපනය පොලිසිය පැවසූයේ උදෑසන ත්‍රීරෝද රථ දෙකක ළමුන් පිරිස ප්‍රවාහනය කොට ඇති බවත් එක් ත්‍රීරෝද රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද දෙකේම දරුවන් එක් ත්‍රීරෝද රථයක නංවා ප්‍රවාහනය කොට ඇති බවත්ය.

තුවාල ලැබූ ළමුන් පිරිස යාපනය කොළොම්ඹුතුරෙයි හිංදු විදුහලේ සහ කොළොම්ඹුතුරෙයි තුරෙයිරාසා මහ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවින් පිරිසක් වේ.

Related posts

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

වසර දෙකකදී යටිතල පහසුකම් දියුණු කළා.. රටම දියුණු කරමින් සිටිනවා – ගුවන් පාලම විවෘත කරමින් අගමැති කියයි

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

colombotoday

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

Admin