Colombo Today Local News

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31)දින පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව පුරෝකථනය කර තිබෙන බවත් උද්ධමනය තනි අගයක් දක්වා පැමිණෙනු ඇතැයි පුරෝකථනය කළ කාල වකවානුවට වඩා ඉක්මණින් මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණෙනු ඇතැයි මහ බැංකුව පෙන්වා දී තිබේ. මැයි මාසය අවසන් වනවිට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් එයට චීනය ලබා දුන් විදේශ මුදල් හුවමාරු ණය පහසුකමද ඇතුලත් වන බවත් මහ බැංකුව පවසයි.

Related posts

ආබාදිත රණවිරුවන් ගෙනයන අරගලයට ඥානසාර හිමිත්

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

තොණ්ඩාමන් ආවොත් අපි යනවා.. දිගම්බරම්ගෙන් ආණ්ඩුවට රතු එළි

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

ආණ්ඩුකාරවරු සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්න – මහින්ද දේශප්‍රිය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday