උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා ලබා දීමට යෝජනා වූ නව තනතුර නිසා තමාට විහළුවක් විය නොහැකි බවත්, එබැවින් තමාට අදාළ රාජකාරිය පවරන්නේ නම්, තමා වැඩේට සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල්, ඇමති සරත් ෆොන්සේකා මහතා ප්රකාශ කර ඇත.
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර අදාළ තනතුර සම්බන්ධයෙන් කතා බහක් ඇතිවූ අවස්ථාවේදීය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට යෝජනා වූ තනතුර මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් විහිළුවට කළ යෝජනාවක් බව ජොන් සෙනවිරත්න, ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක යන ඇමතිවරු ප්රකාශ කර තිබිණි.