පක්ෂ ප්රතිසංවිධානයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරු පක්ෂය තුල යෝජනා කලද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දුරයෙන් නෙරපීමට කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු තම ඡන්දය බාවිතා නොකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසනවා.
උතුරු කොළඹ ආසනය තුල ජීවත්වෙන අඩු අදායම් ලාබී පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් අමුද්‍රව්‍ය, ස්වයං රැකියා සඳහා අවශ්‍ය මහන මැෂින් ඇතුළු භාණ්ඩ තොගයක් බෙදා දීමේ උත්සවයකට අද (21) සහබාගි වූ මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් එම අදහස් පළකර සිටියේය.