පසුගිය (08) වනදා අළුයම කොළම ටවුන්හෝල් හී “Clique“ රාත්රී සමාජ ශාලාවේ සිදුවූ පහරදීමට සම්බන්ධ ප්රභූ ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි ප්රභූ ආරක්ෂක අංශයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ජනපති පුත්රයාගේ ආරක්ෂාවට යොදවා සිටි මෙම පිරිස පෙරදින රාත්රියේ සමාජ ශාලාවට පැමිණ, එහි ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් සමාජ ශාලාවේ ආරක්ෂකයින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන අතර පසුව පැමිණ පොලු මුගුරුවලින් පහරදී සමාජ ශාලාවට දැඩි ලෙස අලාභහානි කර තිබෙනවා.
මේ වන විටත් සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.