Colombo Today Local News

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුවන පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්නේ සූදු පොලක් ඊයේ (11) දින පොලීසිය විසින් වටලා තිබුනු අතර එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු බාවිතා කරමින් සූදු සෙල්ලම් කළ අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 17ක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමු වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තැනැත්තෙකු කටුවන නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක්ද පරිඝණයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 හා 38 පසු වෙන්නන් බව පොලීසිය කියයි.

සැකකරුවන් අද (12)දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

(Video) ඊයේ සමුගත් විජය නන්දසිරි රංගවේදියාණන් පෙරේදා රගපෑ අවසන් ප්‍රහසනය මෙන්න

colombotoday

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday