ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ “අරගලයට පණ පොවන, නව ජනතා බළවේගය“ ජන රැළිය ඊයේ රත්නපුරයේදී අති විශාල ජනතා සහභාගීත්වයකින් පැවැත්විණි.
එහිදී ජනතාව ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “ඔබලාට කුමක්ද ඕනෑ“ යැයි දෙතුන් වරක්ම විමසූ අතර ඒ සෑම අවස්ථාවකදීම ජනතාව දෙසින් ඇසෙන්නට වූයේ “අලුත් පක්ෂයක් ඕනෑ“ කියාය.
ඊට ප්රතිචාර ලෙස හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘ඔබ ඉල්ලන දේ කරන්න මං සූදානම්’ යනුවෙනි.
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහෙට මෙහෙට කර ආණ්ඩුවක් හැදීම මහලොකු දෙයක් නොවන බවද කී හිටපු ජනාධිපතිවරයා තමන් රහසින් කුමන්ත්රණය නොකරන බවත් කරන සියළු දේ එලිපිට කරන බවත් සදහන් කලේය.