කතරගම දේවාලයේ මෙතෙක් සිටි “බානු“ නමැති අලියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පෙරවරුවේ සිය භාරයට ගෙන තිබෙනවා.
අධිකරණ නියෝගයකින් මෙම අලියා අත්අඩංගුවට ගෙන ඇති අතර පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිත බවද පැවසෙයි.
මීට පෙරද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නමැති අලියා බලපත්රවල ඇති දෝෂයක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.