Colombo Today Local News

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බවයි.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday

ජනපතිට එරෙහිව එජාප කුමන්ත්‍රණයක්… DIG නාලක පසුපස පොලිස්පති, පොලිස්පති පසුපස අගමැති – එස්.බී.ගෙන් එජාපයට ප්‍රහාරයක්.

colombotoday

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

colombotoday

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

colombotoday