Colombo Today Local News

බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු කොඩි ඔසවා රාජ්‍ය ආයතන රැසක විරෝධතා

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක සේවිකාවන් විශාල පිරිසක් ඊයේ (25)දින රටපුරා උද්ඝෝෂණයක නිරත විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ද කළු කොඩි ඔසවා විරෝධය පළ කළ අවස්ථාවේ පොලිසිය පැමිණ එම කළු කොඩි ගලවා ඉවත් කිරීමෙන් පසු බැංකු සේවකයන් පොලිසිය වෙතින් එම කොඩි ලබාගෙන ආපසු එම කොඩි එසවූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර ඇති ‘කළු සතිය’ යටතේ කළු පටි ගැට ගසා ගෙන තම සේවා ස්ථාන ඉදිරිපිට බදු ප්‍රතිපත්තියට විරුද්ධව උද්ඝෝෂණය කළහ.

ලංකා ඛනිජතෙල් සංස්ථා සේවකයන්, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය, සබරගමුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බදුල්ල ශාඛාවේ සේවකයන්, කොළඹ ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු බදු පනතට විරෝධය දක්වමින් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

දොස්තර සංගමයත් වර්ජනයකට සැරසෙයි !

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday