Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනක කොටසක් ලෙස අර්බුදයකට මුහුණදී සිටින අසල්වැසි ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරනු ලබන ණය වැඩසටහනකට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය සහනයක් ලබාදෙමින් ඉන්දියාව සිය කැපවීම තහවුරු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා දිවයිනේ සංචාරයක නිරතවන අතරතුර මේ බව ඉන්දියාව නිවේදනය කර ඇති අතර එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දක්වන බවද ඉන්දියාව ප්‍රකාශ කළේය.

IMF ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි ණය සහතික ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සෙසු ණය හිමියන් සමගද සාකච්ඡා කරමින් සිටින බවය.

එලෙස ප්‍රමාණවත් සහතික ලැබුණු වහාම සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සපුර‍ාලිය යුතු අනෙකුත් අවශ්‍යතාවයන් සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකළ හැකි බව IMF නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එහිදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය මුල්‍ය සම්පත් සඳහා ප්‍රවේශයක් විවෘත වනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

“අයි එම් එෆ් වැඩසටහන ආරම්භ වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා වාණිජ සහ ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ කිරීමට. එය මාස 6ක් ඇතුළත සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන විශාලතම අවිනිශ්චිතතාවය තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගතවන කාලසීමාව. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාවතට ප්‍රවේශ විය හැක්කේ ණය තිරසාර බව සහතික වීමෙන් පසුවයි.”

Related posts

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

colombotoday

අල්ලස් ගන්න ගිය පොහොට්ටු ප්‍රාස සභාපතිට වැඩ වරදී

Admin

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday