Colombo Today Local News

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා පැවති ඡන්ද විමසීමේදී අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පරාජයට පත්ව ඇත.

සභිකයන් 9 දෙනකුගෙන් යුත් අංක 01 දරන ප්‍රාදේශිකයේ ආසන 6ක් දිනාගෙන ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේග කණ්ඩායමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම සභික ධූර 3ක් පමණක් ජයගෙන ඇතත් එම සභිකයන් අතරට පැමිණෙන්නට සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාට හැකිව නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 19 දෙනා අතරෙන් සනත් නිශාන්ත පෙරේරා ඇමතිවරයා 11 වන ස්ථානය හිමිකර ගනිද්දී ඔහුගේ සොයුරා වන කේ. ජගත් සමන්ත පෙරේරා 5 වන ස්ථානය හිමි කර ගෙන තිබේ.

Related posts

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

අන්තර්ජාල වේගය දෙන්න බැරුව Dialog ෆේල්. නව සබදතා මිලදී ගැනීමෙන් වලකින්න. | මාසික බිලෙන් කොටසක් කපා හරින්නැයි ඉල්ලීම්.

colombotoday

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday