Colombo Today Local News

කුඹුරු යායක තිබී ලේ ගලන තුවාල ඇති මළ සිරුරක් හමුව වෙයි

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහිදී කල පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

Admin

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday