දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13වන සඳුදා දින නිවාඩු ලබාදී ඇත.
එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත දැනුම් දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.