Colombo Today Local News

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

රැඳවුම් නියෝග මත රදවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ලබාදුන් ප්‍රකාශ මත මුල්ලේරියාව කුමාර මාවත ප්‍රදේශයේ කැලෑ කොටසක සඟවා තිබිය දී පිස්තෝල ගිනිඅවි දෙකක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන ගණේමුල්ල සංජීව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී එම ගිනිඅවි සොයාගෙන ඇත.

පසුගිය වසරේ ජුනි 26 වන දින පෑලියගොඩ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් මේ වසරේ ජනවාරි 17වන දින පෑලියගොඩ කළු පාලම අසලදී තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් අදාළව මෙම ගිනිඅවි යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Related posts

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

රුපියල තවත් පහළට

Admin