Colombo Today Local News

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

ඊච්චන්කුලමේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

ඊච්චන්කුලම වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේදී අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ (03) දහවල් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන්කළ වව්නියාව, පුදුකුලම් ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනතුරින් තවත් දැරියක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඊච්චන්කුලම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

Admin

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday