Colombo Today Local News

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරන්නේ, මාස 6-9 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ද සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

එන්නත් වැඩසටහන ලබන ජනවාරි 6 වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමිව තිබුණි.

Related posts

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

colombotoday