Colombo Today Local News

කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18)දින යළි ආරම්භ වෙයි.

ඒ අනුව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කටයුතු සඳහා අද දිනයේ විවෘත කිරීමට නියමිතයි.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය, විද්‍යා පීඨය සහ පරිගණක හා තාක්ෂණ පීඨ පසුගිය 11වැනිදා විවෘත කෙරිණ.

කැළණිය විශ්විවිද්‍යාලයේ පීඨ එලෙස වසා දැමුවේ පසුගිය 4 වැනිදා ය.

ඒ, විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා ගැනීම යන සිදුවීම් පදනම් කරගනිමින් ය.

Related posts

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

colombotoday

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

colombotoday