Colombo Today Local News

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට එලෙඹෙන 14 වැනි දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කරන්නේ, ලබන 14 දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ගිනි අවියක්, ඩොලර් 6,000ක් ඇතුලු කෝටි ගානක් කොල්ල කාලා

Admin

මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයි

Admin

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin