Colombo Today Local News

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට කරුණු වාර්තා කර ඇත.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ බද්ද නැවත සකස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය පෙබරවාරි මස ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට පසුගිය 8 වැනිදා රැස්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ භූමිතෙල් මිල 10%කින් වැඩි කිරීමටයි.

ඒ සඳහා ධීවර අමාත්‍යාංශයේද අනුමැතිය ලැබී තිබේ. දැනට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70කි. මිල 10%කින් වැඩි කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 77 දක්වා වැඩි වෙයි. ඇමැති කමිටුව යළිත් වරක් රැස්වී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සක්‍රිය ලෙස පවත්වාගෙන යාමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරනතුරු අතුරු විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

2014 සිට 2020 දක්වා භූමිතෙල් සහනාධාරය ක්‍රියාත්මක කිරීම නිසා මහා භාණ්ඩාගාරයෙන් බලශක්ති අමාත්‍යාංශයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන තිස්හතරදහස් හයසිය අනූපහකි.

Related posts

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

දිය වැලකට හසුවූ මව සහ පුංචි දියණිය පොලිස් විරුවෝ බේරාගනී

Admin

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

colombotoday

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පෙත්සම් සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday