Colombo Today Local News

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

marikkar

පසුගියදා උතුරේ මහ ඇමතිතුමා විසින් උතුරේ ජාතිවාදය ඇවිස්සීම පිණිස කරන ලද ප්‍රකාශය දකුණේ ජාතිවාදීන්ට උඩ ගෙඩි දීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්.මරික්කාර් මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීමේ උත්සවයකට එක් වෙමින්ය.

යාපනයේ සිටින උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහත්තයායි ඒකාබද්ධ විපක්ෂයයි අතර ඩීල් එකක් තියෙනවාද කියලා සැකයක් තියෙනවා. මොකද සංහිදියාව තියෙනවා මේ රටේ, නිදහස තියෙනවා, ප්‍රජාත්‍රන්ත්‍රවාදය , නිතීය,යුක්තිය, සාධාරණය ක්‍රියාත්මක වෙමින් පවතිනවා වර්තමානය වන විට. එවැනි වාතාවරණයක් තුළ විග්නේෂ්වරන් මහත්තයා උතුරේ අන්තවාදය වපුරලා මේ රටේ නැවත අරගලයකට ගෙන උත්සහ කරන්නේ ඒකාබද්ධ කල්ලියේ කොන්ත්‍රාත්තුවකද කියලා හිතෙනවා . එහෙම හිතෙන්නේ මොකද උතුරේ ජාතිවාදය අවුස්සනකොට මේ අයට උඩගෙඩි දීමක් වෙනවා දකුණේ ජාතිවාද අවුස්සන්න. මේ වගේ ඩීල් එකක් ගිහින් නැවත මේ රට ලේ විලක් කරලා ඒ ලේවිල මතින් බලයට එන්න දරන වෑයමක් මෙන්ම, බලයට ඇවිල්ලා හොරකම් කරන්න මීනීමරන්න, සියළු දෙනා ණය කාරයෝ කරන්න යන ගේමක් ද කියලා අපට සැක සිතන්න පුළුවන්. එහෙම ගේමක් නම් අපි කියන්නේ මොන තත්වෙන් ආවත් ඡන්දයක් නෑ.

ඒ වගේම උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ට ගෙදර යන්න වෙනවා ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට කලින් තියෙන පළාත් සභා මැතිවරණයේදී. ඉතින් ඒ නිසා මේ රටේ ඉපදුන සියළුම දෙනාටම ශ්‍රී ලාංකිකයෝ ලෙස හිතලා. මේ සියළු දෙනාම අපේ රට අපේ රට වෙනුවෙන් පෙනී සිටින තත්වයක් ඇති කරලා. අපිට ශ්‍රී ලාංකිකයන් කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එසේ නැතිව ජාතීන් අනුව බෙදලා මේ රට වෙන් කරන්න අපේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.

– මිනුර රශාන්ත

Related posts

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

“ඇවන්ගාඩ්“ ලොව සුපිරිම ව්‍යාපාරික සන්නාමය ලෙස යුරෝපා සොක්‍රටීස් සම්මානයෙන් පිදේ

colombotoday

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක්.. මේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක්

colombotoday

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday