Colombo Today Local News

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවය. 

“මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සුදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් එක්ක 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වෙනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස්වන මරමස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නවා. ඒ වගේම යම් අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදා නිලධාරී පොරොත්තු සේවයේ රැඳිලා ඉන්නවා.”

Related posts

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

colombotoday

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday

21ට කැබිනට් අනුමැතිය

colombotoday

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැන්නැයි රජයට උපදෙස්

colombotoday