Colombo Today Local News

බිලියන 100ක මුදල් අච්චු ගසයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර ඇති බව ඉකොනොමිනෙක්ස්ට් පුවත් සේවය අනාවරණය කොට ඇත.

වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.1ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින හතකට රුපියල් බිලියන 70ක් එකතුකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන එකසිය හයකට ආසන්න මුදලක් යොදවා තිබේ.

ඒ හරහා බැංකු පද්ධතියට අතිරේකව එක් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යයි.

මෙය මහා බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූලවන අතර රජයේ අයවැය හිඟය පියවීමක් සිදු නොවෙයි.

රජයට අයවැය හිඟය පියවා ගැනීම සඳහා අදාළ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව සිදුකළ නොහැකිය.

Related posts

අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බළකායේ දහදෙනා නැවතත් රිමාන්ඩ් !

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

colombotoday