Colombo Today Local News

ජනාධිපතිතුමයි මමයි ඉන්නේ එක මතයක

පාලන මිලට සහල් දිය යුතු බව ජනාධිපතිතුමා තීන්දු කළ අතර ඊට එකඟ වනු හැර විකල්පයක් තමන්ට නොමැති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

ඒ අනුව පෙර පැවැති ලෙස නාඩු රු. 220කට සහ කීරි රු. 260කට අලෙවි කළ යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රටේ සියලු ව්‍යාපාරිකයන් පාලන මිලට සහල් දිය නොහැකි බව කීව ද බොහෝ දෙනා සහල් මිල පාලනය කරන්නේ තමන් යැයි චෝදනා කරන බව ද කීය.

තමා හැමදාම ගැටුම් ඇති කරගත්තේ පාලන මිලට සහල් ලබා දිය යුතු බව ප්‍රකාශ කරමින් යැයි ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.

ඊයේ (22) ජනාධිපති අනුර දිසානායක සමග සහල් නිෂ්පාදකයන් පැවැත්වූ සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Related posts

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday