Uncategorized

තායිලන්තයේ ඛේදවාචකය

ප්‍රාථමික පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වී ගිනි ගැනීමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් තායිලන්තයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මිය ගිය අය අතර පාසල් දරුවන් 22 දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු සිටින බව තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. අනතුරට ලක්වන විට බස් රථයේ සිටි තවත් දරුවන් 16 දෙනකු සහ ගුරුවරුන් තිදෙනකු දිවි බේරා ගැනීමට සමත්වූ බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. තුවාල ලැබූ අටදෙනකු රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

උතුරු ප්‍රාන්තයක් වන උතායි තානි වෙත සංචාරයක නිරත වෙමින් සිටි බැංකොක් නුවර ප්‍රාථමික පාසලක දරුවන් රැගත් බස් රථ තුනකින් එක් බස් රථයක් මේ අනතුරට මුහුණ පා ඇති අතර, අවුරුදු 3 සිට 15 දක්වා වයස් කාණ්ඩයේ පසුවූ දරුවන් එම බස් රථයේ සිටි බව බැංකොක් පෝස්ට් පුවත් සේවය සඳහන් කළේය.

Related posts

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

Admin

ක්‍රිකට් විනාශවුණේ අපේ ආණ්ඩුව කාලේ… ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් ලෝකය ඉදිරියේ විහළුවක් වෙලා…

colombotoday

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

මෙවර උසස් පෙළ ප්‍රතිඵල වල වෙනසක්…

colombotoday

2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin